Lanka T10 තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 6 හා නිල ලාංඡනය මෙන්න

Date:

‘Lanka T10’ (ලංකා ටී ටෙන්) නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව පසුගියදා නිවේදනය කෙරුණා.

ඒ අනුව අප මීට පෙර ද වාර්තා කළ පරිදි තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.

තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන්නේ ‘T Ten Sports Management FZC’ යන සමාගම සමග ද එක්වයි.

Abu Dhabi T10 ලීග් තරගාවලිය සංවිධාන කරනු ලබන්නේ ද එම සමාගමයි.

තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

පිරිමි කණ්ඩායම් 6 කොළඹ, ත්‍රීකුණාමලය, ගාල්ල, මහනුවර, දඹුල්ල හා යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කිරීමට නියමිතව ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

දින 12 ක් පුරා පැවැත්වෙන තරගාවලියේ එක් කණ්ඩායමක සංචිතයක් සදහා දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කළ හැකියි.

නිල ලාංඡනය එළිදැක් වූ අවස්ථාව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...