අන්තර් සමාජ තුන් දින ලීග් ක්‍රිකට් ශූරතාවය සී.සී.සී කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ (Major Club League 3-Day Tournament) ශූරතාවය දිනා ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) අද(20) සමත් වුණා.

ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින්.

සිව්දින තරගයක් ලෙස පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 558 ක් ලබා ගත්තා. නායක සධීර සමරවික්‍රම ලකුණු 188 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 18 ක් සමගින්. ඉසුරු උදාන ලකුණු 88 ක් ද, නවෝද් පරණවිතාන ලකුණු 54 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු හා ලක්ෂාන් සදකැන් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රිකට් සමාජය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 669 ක්. එම ඉනිම වෙනුවෙන් ශතක 3ක් වාර්තා වුණා. ඒ අනුව කමිදු මෙන්ඩිස් ලකුණු 105 ක් ද, නායක අශාන් ප්‍රියන්ජන් ලකුණු 100 ක් ද, චමිදු විජේසිංහ ලකුණු 139 ක් ද රැස් කළා. පවන් රත්නායක ලකුණු 85 ක් හා මිනෝද් භානුක ලකුණු 75 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රවිදු ප්‍රනාන්දු ලකුණු 160 කට කඩුලු 6 ක් දවා ගත්තා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ටැමිල් යූනියන් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 145 ක්. රවිදු ප්‍රනාන්දු ලකුණු 56 කට හා සධීර සමරවික්‍රම ලකුණු 43 කට දැවී ගියා. පන්දු යැවීමේ දී සොනාල් දිනූෂ කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස චමිදු විජේසිංහ ද, තරගාවලියේ වීරයා ලෙස නිශාන් මදුෂ්ක ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...