විලියම්සන්ට තෙවැනි 20යි 20 අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත නායක කේන් විලියම්සන්ට අහිමි වී තිබෙනවා.

ඒ , ඔහු පෙර සැලසුම් කළ වෛද්‍ය හමුවකට සහභාගී වීමට නියමිතව ඇති බැවින්.

මාර්ක් චැප්මන් ඔහු වෙනුවට සංචිතයට ආදේශ කර ඇති අතර, ඔහු අද දිනයේ දී 20යි 20 සංචිතය සමග එක්වීමට නියමිතයි.

විලියම්සන් නොමැති වීම හේතුවෙන් තෙවැනි 20යි 20 තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස ටිම් සවුති කටයුතු කරන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් විලියම්සන් බදාදා දිනයේ දී නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය හෙට (22) Napier හී දී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර, දෙවැනි 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 65 ක ජයක් වාර්තා කළා.

ඒ අනුව නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...