ඉන්දීය තේරීම් කමිටුව නෙරපයි

Date:

Chetan Sharma ගේ ප්‍රධානීත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

මේ වන විට නව තේරීම් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැදවීම ද ආරම්භ කිරීමටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය නොවැම්බර් 28 වැනිදා බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

Roger Binny ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් වීමෙන් පසුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් ප්‍රධානම තීරණය වන්නේ මෙම තීරණයයි.

ඔක්තෝබර් මාසයේ දී යි ඔහු නිතරගයෙන් එම ධූරයට පත් වුණේ.

තමන් සිය ධූරවලින් ඉවත් කළ බවට වන දැනුම් දීමක් මෙතෙක් තේරීම් කමිටු සාමාජිකයින් වෙත ලැබී නොමැති බව ද විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නව තේරීම් කමිටු නිළධාරීන් බදවා ගැනීම සදහා නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළින් ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වත්මත් තේරීම් කමිටුව ඉවත් කළ බවට වන දැනුම් දීමක් සිදු කර නැහැ.

නව තේරීම් කමිටුවට අයදුම්පත් යොමු කරන පුද්ගලයින් අවම වශයෙන් ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කර තිබීම හෝ පළමු පෙල තරග 30ක් ක්‍රීඩා කර තිබීම හෝ එක්දින ජාත්‍යන්තර තරග 10ක් හා පළමු පෙල තරග 20ක් ක්‍රීඩා කර තිබීම අනිවාර්යයි.

එමෙන්ම අයදුම්පත් යොමු කළ හැකි වන්නේ වසර 5 කට පෙර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පුද්ගලයින්ට ද පමණයි.

ඉන්දීය කණ්ඩායම නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය හමුවේ කඩුලු 10 ක දරුණු පරාජයක් අත්කර ගනිමින් තරගාලියෙන් ඉවත් වූ අතර, 2021 වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයෙන්ම ඔවුන්ට ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...