ශ්‍රී ලංකා සංචාරයට නූර් අහ්මඩ් හා ගුල්බදීන් නයිබ් කැදවයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය අද(19) නිවේදනය කෙරුණා.

හෂ්මටුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ගුල්බදීන් නයිබ් හා මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් දිනා නොමැති 17 හැවිරිදි නූර් අහ්මඩ් සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි තරගය 27 වැනිදා ද, තෙවැනි තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

AFG Squad:

Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Rahmanullah Gurbaz (wk), Azmatullah Omarzai, Fareed Ahmad, Fazalhaq Farooqi, Gulbadin Naib, Ibrahim Zadran, Ikram Alikhil (wk), Mohammad Nabi, Mujeeb Ur Rahman, Najibullah Zadran, Noor Ahmad, Rashid Khan, Riaz Hassan, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia-ur-Rehman

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...