ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරග නැරඹීමට ප්‍රවේශ පත්‍ර ගන්නේ කොහොමද?

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර නොවැම්බර් 22 වැනිදා සිට නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන්, පල්ලේකැලේ ක්‍රීඩාංගනයෙන් හා මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා ඕනෑම දිනකදී ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, පල්ලේකැලේ ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ තරග නොපැවැත්වෙන දිනවලදීයි.

තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අතර, පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ඒ සදහා කාලය වෙන් කර තිබෙනවා.

රුපියල් 500, රුපියල් 2000, රුපියල් 4000 හා 5000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙනවා.

තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි තරගය 27 වැනිදා ද, තෙවැනි තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...