Watch : ලොවක් මවිත කළ ඇෂ්ටන් ඒගාර්ගේ සුපිරි පන්දු රැකීම්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ඇඩිලේඩ් හී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ පැට් කමින්ස් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

පැට් කමින්ස් ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු එක්දින තරගය මෙයයි.

ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 287 ක් ලබා ගනිමින්.

ඒ, ඔවුන්ගේ ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 118 ක් තුළ බිද වැටී තිබූ පසුබිමකයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මලාන් පන්දු 128 කින් ලකුණු 134 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්.

එංගලන්ත ඉනිමේ අවස්ථා දෙකකදීම ඇෂ්ටන් ඒගාර් විශිෂ්ඨ පන්දු රැකීම්වල නිරත වෙමින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

එහිදී ලියම් ඩෝසන් ලකුණු 11 කට දුවද්දී දවා ගැනීම සදහා ඔහු සුපිරි පන්දු රැකීමක නිරත වූ අතර, අනතුරුව හයේ පහරක් වැළැක්වීම සදහා ඔහු ගත් උත්සාහය ක්‍රීඩා විචාරකයින්ගේ ද දැඩි ප්‍රශංසාවට ලක් වුණා.

එහි දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...