ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් සිල්හෙට් කණ්ඩායමට මොහමඩ් හැරිස් එක් වෙයි

Date:

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මේ වන විට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සමග ගිවිසුම්ගතව තිබෙනවා.

එම කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බංග්ලාදේශයේ මෂ්රෆී මොටාසා ප්‍රධාන ක්‍රීඩකයා ලෙස (Icon Cricketer) කටයුතු කරන සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගතව ඇති නවතම විදෙස් ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ මොහමඩ් හැරිස්.

පාකිස්තානයේ මොහමඩ් අමීර්, සිම්බාබ්වේහි රයන් බර්ල් හා ‌නෙදර්ලන්තයේ Colin Ackermann ද එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සිල්හෙට් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ කමිදු මෙන්ඩිස්, තිසර පෙරේරා හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින්.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි අදියර ලබන ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග 46ක් ඇතුළත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...