ඩේවිඩ් වෝනර් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගනියි

Date:

එංගලන්තයට එරෙහිව ලබන වසරේ දී පැවැත්වීමට නියමිත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගනු ඇති බව ඔස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයෙන්ම ඉවත් වීමට ඔස්ට්‍රේලියාවට සිදු වීමත් සමග ඩේවිඩ් වෝනර් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම ක්‍රීඩා අනාගතය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී ම දැඩි කතා බහක් ඇතිව තිබුණා.

ඉදිරි මාස 18 ක කාලයේ දී ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම විශ්‍රාම ගැනීමට ඉඩ ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ලබන වසරේ පැවැත්වෙන අලුබදුන තරගාවලිය නිමා වන විට ඩේවිඩ් වෝනර් හා උස්මාන් කවාජාගේ වයස අවුරුදු 36 ක් බවට පත්වනවා.

තවත් දින කිහිපයකින් නේදන් ලයන් ද 35 වන වියට පා තබනවා.

එවැනි පසුබිමක් යටතේ වෝනර් සදහන් කර සිටියේ තමා පළමුවෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා අංශය වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව බවයි.

“මෙය මගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් මාස 12 විය හැකියි. නමුත් මම සුදු පන්දු ක්‍රීඩාවට කැමතියි. ඒක විස්මයජනකයි” යනුවෙන් ඩෙිවඩ් වෝනර් කියා සිටියා.

මෙවර ලෝක කුසලානයේ දී වෝනර්ගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 11 ක් ලෙස සටහන්ව ඇති නමුත්, ඔහු පෙන්වා දෙන්නේ තමා 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවයි.

“20යි 20 ක්‍රිකට් – මම ගොඩක් කැමතියි. මම 2024 වසර දක්වා යන්න බලාපොරොත්තුවෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...