T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

Date:

8 වැනි වරටත් මෙවර සංවිධාන කළ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා නම් කර ඇති තරග නිළධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(11) නිල වශයෙන් නිවේදනය කළා.

එම නිළධාරීන් අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළත්ව සිටීම කැපී පෙනෙනවා.

අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී එළඹෙන ඉරිදා(13) පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානය හා එංගලන්තය අතරයි.

එම තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස Marais Erasmus හා කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිතයි.

රූපවාහිනී විනිසුරු (තෙවන විනිසුරු) ලෙස Chris Gaffaney පත් කර ඇති අතර, Paul Reiffel සිව්වන විනිසුරු ලෙසයි නම් කර ඇත්තේ.

අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Match Officials for the final:

Match Referee: Ranjan Madugalle

On-field umpires: Marais Erasmus and Kumar Dharmasena

TV umpire: Chris Gaffaney

Fourth umpire: Paul Reiffel

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...