ඉන්දීය ක්‍රීඩකයින් විදෙස් ලීග් ක්‍රීඩා නොකිරීම ද පරාජයට හේතුව ? ඩ්‍රාවිඩ් පිළිතුරු දෙයි

Date:

විදෙස් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සදහා ඉන්දීය ක්‍රීඩකයින් යොමු කිරීම ඉතා අපහසු කටයුත්තක් බව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පවසනවා.

එම තරගාවලි රැසක් ඉන්දීය දේශීය තරගාවලි පැවැත්වෙන කාලයේ දී ම පැවැත්වීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය හමුවේ ඉන්දියාව කඩුලු 10 ක දරුණු පරාජයක් අත්කර ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඩ්‍රාවිඩ් ඒ බව සදහන් කළා.

ඒ, ඉන්දීය ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීම මෙම පරාජයට හේතු වූවා දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්.

එංගලන්ත ක්‍රීඩකයින් බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම තුළින් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබද ඉන්දීය ක්‍රීඩකයින්ට වඩා ඔවුන්ට අත්දැකීම් ඇති බව මෙහිදී රාහුල් ඩ්‍රාවිඩ් පිළිගනු ලැබුවා.

https://twitter.com/KuchNahiUkhada/status/1590653039165476864

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...