ධනුෂ්කගේ සිද්ධිය හොයන්න ක්‍රිකට් ආයතනයෙන් විමර්ශන කමිටුවක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

විනිසුරු සිසිර රත්නායක (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), නීතීඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව යන මහත්වරුන්ගෙන් සමන්විතව මෙම ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව පත් කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජාතික කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය තුළ සිදු වූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම කමිටුව විමර්ශනය කරනු ඇති.

ඒ අනුව විමර්ශන කමිටුව විසින් මේ සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසට කණ්ඩායම් කළමනාකරුට දැනුම් දීමට නියමිතයි.

විමර්ශන කමිටුව විසින් සිය වාර්තාව ලබා දීමෙන් පසුව, නිල රාජකාරි ඉටු කිරීමේදී කිසියම් වරදක් හෝ නොසැලකිලිමත්කමක් ඔප්පු වුවහොත් ක්‍රීඩකයන්ට සහ/හෝ නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ පියවර ගත්තා.

ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු අයුරකින් තරග සදහා තෝරා ගැනීමට සලකා නොබලන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ඔහුව ඉරිදා(6) අලුයම් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර හෝටලයකදීයි.

අනතුරුව ඔහුව අවස්ථා දෙකක දී ඇප ලබා ගැනීම සදහා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ නමුත්, එහිදී ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී තිබුණා.

ධනුෂ්ක ගුණතිලක මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ද ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ධනුෂ්කව මෙරටට නොයවා තවදුරටත් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග අමතර ක්‍රීඩකයෙකු ලෙස රදවා ගැනීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබුණේ.

ගුණතිලකගේ ආබාධ තත්ත්වය ඉක්මණින් සුව අතට පත් වෙමින් තිබූ බැවින් වෛද්‍යවරුන් සහ තේරීම් කමිටු නිලධාරීන් සමඟ සාකච්ඡා කර කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් එම තීරණය ගෙන තිබුණා.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයට ඔහුව කඩිනමින් ඇතුළත් කිරීමේ අරමුණිනුයි එම පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...