අවසන් පූර්ව තරගය අභියස ඉන්දියාවට ආබාධ ප්‍රශ්නයක් ?

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – එංගලන්ත අවසන් පූර්ව තරගය පැවැත්වීමට දින දෙකක් පමණක් ඉතිරිව ඇති පසුබිමක ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා ආබාධයකට ලක්ව තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී යි ඉන්දීය නායකයා මෙලෙස දකුණු අතෙහි ආබාධයකට ලක්ව ඇත්තේ.

පුහුණු දැල් තුළ පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් අතේ වැදීමෙන් මෙම ආබාධය සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී ම ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

අනතුරුව ඔහු යළිත් පිතිකරණයේ නිරත වීමට උත්සාහ දරා ඇතත්, එක් පන්දුවකට පමණක් මුහුණ දීමෙන් පසු ඔහු පුහුණු දැල් තුළින් ඉවත්ව ගොස් ඇත්තේ යම් වේදනාවකින් පසු වීම හේතුවෙන්.

අනතුරුව ඔහුට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දීමට පියවර ගෙන තිබූ බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පැය භාගයකට පමණ පසුව රෝහිට් ෂර්මා පුහුණු දැල් තුළ යළිත් කිසිදු අපහසුතාවයකින් තොරව පන්දුවට පහර දී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

20යි 20 ලෝක කුසලානය යටතේ පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා(10) ඇඩිලේඩ් හී දී ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...