හැරිස් කැදවමින් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද(8) එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් අතර, ආරම්භක පිතිකරුවෙකු වන මර්කස් හැරිස් යළිත් සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

හැරිස් අවසන් වරට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ මෙම වසර මුලදී එංගලන්තයට එරෙහිවයි.

නිමා වූ පාකිස්තාන හා ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාර සදහා ඔහු එක් වූයේ නැහැ.

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ඔස්ට්‍රේලියාවට එම ස්ථානය තවදුරටත් රැක ගනිමින් අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමටනම් මෙම තරගාවලියේ ජය අතිශය වැදගත් වනු ඇති.

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 30 වැනිදා පර්ත් ක්‍රීඩාංගනයේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 8 වැනිදා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතයි.

Australia Test squad:

Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Steve Smith, Mitchell Starc, David Warner.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...