කමින්ස්ගේ එක්දින නායකත්වයේ පළමු අභියෝගයට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය පැට් කමින්ස් විසින් දරනු ලබන අතර, ආරෝන් ෆින්ච්ගෙන් පසු එරට එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පැට් කමින්ස් පත් කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු එක්දින තරගාවලිය මෙයයි.

හිටපු නායක ෆින්ච් එක්දින පිටියෙන් සමු ගැනීම හේතුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ඩේවිඩ් වෝනර් සමගින් ට්‍රැවිස් හෙඩ් කටයුතු කිරීමට නියමිතයි.

ලබන වසරේ දී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ඔවුන් දෙදෙනා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට ඉඩ පවතිනවා.

ඕස්ට්‍රේලියා – එංගලන්ත එක්දින තරගාවලිය නොවැම්බර් 17, 19 හා 22 යන දිනවලදී පිළිවෙලින් ඇඩිලේඩ්, සිඩ්නි හා මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Australia ODI squad:

Pat Cummins (c), Ashton Agar, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...