ඉන්දියාවට ලකුණු 71ක ජයක් සමග සුපිරි 12 අවසන් වෙයි ; අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය හෙවත් සුපිරි 12 වටයේ අවසන් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 71 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ අනුව ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගත්තේ තරග 5 කදී ජයග්‍රහන 4ක් හිමි කර ගනිමින්.

තරග පහෙන් තරග 3 ක් ජය ගත් පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් සුපිරි 12 වටය අවසන් කළා.

ඒ අනුව අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව තරග වදින්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් එංගලන්තයට එරෙහිවයි.

එම අවසන් පූර්ව තරගය එළඹෙන 10 වැනිදා ඇඩිලේඩ් හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එළඹෙන 9 වැනිදා පැවැත්වෙන්නේ පාකිස්තානය හා ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් නවසීලන්තය අතරයි.

අද මෙල්බර්න්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගනිමින්.

කේ එල් රාහුල් ලකුණු 51 ක් ලබා ගත් අතර, සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 61 ක් රැස් කළේ පන්දු 25 කින්. පන්දු යැවීමේ දී ශෝන් විලියම්ස් ලකුණු 9කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 17.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

රයන් බර්ල් ලකුණු 35 ක් හා සිකන්ඩ රාසා ලකුණු 34 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 22 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...