Watch : ලොවක් මවිත කළ සූර්යකුමාර්ගේ හයේ පහර

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද(6) දහවල් 1.30 ට මෙල්බර්න් හී දී ආරම්භ වුණා.

ඒ, ඉන්දීය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගනිමින්.

කේ එල් රාහුල් ලකුණු 51 ක් ලබා ගත් අතර, සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 61 ක් රැස් කළේ පන්දු 25 කින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්. ඔහු එල්ල කළ එක් හයේ පහරක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...