ඇයි ධනුෂ්ක ඔස්ට්‍රේලියාවේ හිටියේ ? ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු ආබාධයකට ලක්ව සිටියදීත් ඔස්ට්‍රේලියාවේ රැදී සිටියේ කුමන හේතුවක් මතදැයි පැහැදිලි කරමිනුයි ක්‍රිකට් ආයතනය මෙම නි‍වේදනය නිකුත් කර ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලක මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත්, ධනුෂ්කව මෙරටට නොයවා තවදුරටත් සංචිතය සමග රදවා ගැනීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ ඔහු අමතර ක්‍රීඩකයෙකු ලෙස (stand-by player) සංචිතයේ රදවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් තීරණය කර තිබූ බවයි.

ගුණතිලකගේ ආබාධ තත්ත්වය ඉක්මණින් සුව අතට පත් වෙමින් තිබූ බැවින් වෛද්‍යවරුන් සහ තේරීම් කමිටු නිලධාරීන් සමඟ සාකච්ඡා කර කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් එම තීරණය ගෙන තිබූ බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

ධනුෂ්ක ගුණතිලක ඒ වන විටත් ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට හුරුවී සිටීම ද පදනම් කර ගනිමින් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා අවස්ථාව ලබා දෙමින් ඔහුව කණ්ඩායම සමග එරට රදවා ගෙන තිබෙනවා.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයට ඔහුව කඩිනමින් ඇතුළත් කිරීමේ අරමුණිනුයි එම පියවර ගෙන ඇත්තේ.

සිඩ්නි නුවරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව හෙට (7) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...