Watch : විනිසුරුවන් ශකිබ්ට කරපු කැත වැඩේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් මේ වන විට ඇඩිලේඩ් හී දී පැවැත්වෙනවා.

ඒ, පාකිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 127 ක්.

බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩුල්ල දැවී ගියේ පන්දුවාර 10.4 ක් අවසානයේ දී මුළු ලකුණු සංඛ්‍යාව 73 ක් ලෙස සටහන්ව තිබියදීයි.

ඒ වන විට බංග්ලාදේශය යම් ස්ථාවර මට්ටමක සිටියද 11 වැනි පන්දුවාර 5 වැනි පන්දුවෙන්ම නායක ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට ශඩාබ් ඛාන් සමත් වීමත් සමග තරගයේ පාලනය පාකිස්තානයට නතු වුණා.

කෙසේ වෙතත්, එම දැවී යාම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය(DRS) ඔස්සේ අභියෝගයට ලක් කිරීමට ශකිබ් කටයුතු කළා.

පුනරූපනවලින් දක්නට ලැබුණේ පන්දුව පාදයේ වැදීමට පෙර පිත්තේ වැදී ගමන් කරන ආකාරයක්.

නමුත්, තෙවන විනිසුරු ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික Langton Rusere එය දැවී යාමක් ලෙස නම් කිරීමටයි කටයුතු කළේ.

එම තීරණයට ශකිබ් දැඩි විරෝධයක් පල කළ ද, විනිසුරුවන් විසින් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...