බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් 4 දෙනා අතරට සුදුසුකම් ලබයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානය අද(6) සමත් වුණා.

ඒ, තරගාවලියේ 41 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව දෙවන කාණ්ඩයෙන් ඉන්දියාව හා පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, නෙදර්ලන්තය හමුවේ මෙරට වේලාවෙන් අද පෙරවරුවේ දී අනපේක්ෂිත පරාජයක් ලැබූ දකුණු අප්‍රිකාවට හා පාකිස්තානය හමුවේ පරාජයට පත් වූ බංග්ලාදේශයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද දහවල් 1.30ට ඉන්දියාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගයේ ප්‍රතිපලය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ පළමු හා දෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක තීරණය වනු ඇති.

ඇඩිලේඩ්හී දී අද පැවැති පාකිස්තාන – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 127 ක් ලබා ගත්තා.

නජ්මුල් හොසේන් ලකුණු 54 ක් ලබා ගත් අතර, අෆිෆ් හොසේන් නොදැවී ලකුණු 24 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මොහමඩ් රිස්වාන් ලකුණු 32 ක්, මොහමඩ් හැරිස් ලකුණු 31 ක් හා බාබර් අසාම් ලකුණු 25 ක් ලබා ගත්තා. ශාන් මසූඩ් නොදැවී ලකුණු 24යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...