විවියන් රිචර්ඩ්ස්ට LPL පිටියෙන් තනතුරක්

Date:

2022 ලංකා ප්‍රිිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස බටහිර ඉන්දිය කොදෙව් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සම්බන්ධ වී තිබෙනවා.

“මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලත්වය අපි දැක්කා. නිසැකවම LPL තරගාවලිය මෙම සාර්ථකත්වයේ කොටසක්.” යනුවෙන් විවියන් රිචර්ඩ්ස් සදහන් කළා.

“මම මේ තරඟාවලියේ පසුගිය තරග වාර දෙක බැලුවා, ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය උසස්. ඉදිරි තරගාවලියේ දී ත් ක්‍රීඩකයින් එය පවත්වාගෙන යනු ඇතැයි මට විශ්වාසයි”

මෙවර තරගාවලිය දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලිය මෙවර ක්‍රීඩාංගන 3 කදී පැවැත්වීම ද විශේෂත්වයක්. ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථික අර්බුදය පදනම් කර ගනිමින් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් කළ ඉල්ලීමක් සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය කල් දැමීමට කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...