ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිධූරයට මහේල පත් කෙරේ

Date:

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන ජාතික ක්‍රිඩා සභාවේ නිලධාරින් අද පස්වරුවේ පත්කෙරුණා.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පස්වරු 5ට ක්‍රිඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

ජාතික ක්‍රිඩා සභාවට නියෝජිතයින් 14 දෙනෙකු ඇතුළත්.

ඊට කුමාර් සංගක්කාර , ඩිලන්ත මාලගමුව, ජුලියන් බෝලින්, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන අය ද නම් කර තිබෙනවා.

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වනවා.

තවද ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නන්වාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේ දී අමාත්‍යවරයාට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වන බව සදහන්.

නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්‍යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා, ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

මෙම සභාවට පත් වූවන් වසර 2ක කාලයක් එම ධූරයන්හි කටයුතු කරනු ඇති.

01.   මහේල ජයවර්ධන මහතා – සභාපති
02.  කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික
03.  ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික
04.  රොවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික
05.  සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික
06.  ජූලියන් බෝලිං මහතා – කමිටු සාමාජික
07.  යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා  – කමිටු සාමාජික
08.  සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික
09.  කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික
10.  රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික
11.  රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික
12.  රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික
13.  ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික
14.  අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...