CPL තෙවැනි තරගයේ ජය ජැමයිකාවට

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගයෙන් ජය වාර්තා කිරීමට ජැමයිකා තලවාස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වූයේ ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමයි.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත ලුසියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා.

රොස්ටන් චේස් ලකුණු 52ක් රැස් කළා.(6×2 4×4)

පන්දු යැවීමේ දී මුජීබ් රහ්මාන් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැමයිකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

අසිෆ් අලී පන්දු 27කින් නොදැවී ලකුණු 47ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...