දෝනිට සමු ගැනීමේ තරගයක් ලබාදීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

Date:

පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට සමු ගැනීමේ තරගයක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් දෝනි සමග ක්‍රිකට් බළධාරීන් සාකච්ඡා කර නැහැ.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් බළධාරීන් විසින් මහේන්ද්‍ර සිං දෝනි සමග සාකච්ඡා කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

“මේ වන විට කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් නැහැ. අයි.පී.එල් තරගාවලියෙන් පසුව අපි බලනවා මොකක්ද කරන්න පුලුවන් කියල. මොකද දෝනි කියන්නේ රට වෙනුවෙන් විශාල සේවයක් කළ අයෙක්. ඔහු සියලු ගෞරවය ලැබීමට සුදුසු අයෙක්.”

යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බළධාරියෙකු ඉන්දු – ආසියානු ප්‍රවෘත්ති සේවයට (IANS) අදහස් දක්වමින් සදහන් කර තිබෙනවා.

“අපිට කොහොමත් අවශ්‍යයි ඔහුට සමු ගැනීමේ තරගයක් ලබා දෙන්න. නමුත් දෝනි වෙනස් ක්‍රීඩකයෙක්. කවුරුත් නොහිතපු වෙලාවක තමයි දෝනි විශ්‍රාම ගැනීමත් ප්‍රකාශයට පත් කළේ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...