ඇෆ්ඝනිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු ලෝක කුසලානයෙන් ඉවතට

Date:

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක්ව සිටින ඇෆ්ඝනිස්තාන සංචිතයට වෙනසක් සිදු කර තිබෙනවා.

ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු හස්රටුල්ලාහ් සසායි අසනීපයකට ලක් වීම හේතුවෙනුයි මෙම වෙනස්කම සිදු කර ඇත්තේ.

ඔහු මේ වන විට උදරය හා වකුගඩු සම්බන්ධ අසනීප තත්ත්වයකින් පසුවන බවත්, ඒ හේතුවෙන් ඔහුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර ඇති බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

ඔහු වෙනුවට 15 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයට ගුල්බදීන් නයිබ් ආදේශ කර ඇති අතර, ඊට තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හෙට(1) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු රදවා ගැනීමටනම් ඔවුන්ට එම තරග දෙකෙන්ම ජය ගැනීම අනිවාර්යය වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...