Watch : පන්දු 57 යි ලකුණු 162 යි ; බේබි ඒබීගෙන් යළිත් සුපිරි ප්‍රහාරයක්

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන 20යි 20 අභියෝගතා (CSA T20 Challenge) තරගාවලියේ 25 වැනි තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් යළිත් වරක් ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට බේබි ඒ බී ලෙසින් ප්‍රසිද්ධියට පත් දකුණු අප්‍රිකානු යොවුන් පිතිකරු ඩිවාල්ඩ් බ්‍රේවිස් අද(31) සමත් වුණා.

මෙම තරගය Potchefstroom දී ආරම්භ වුණේ Titans කණ්ඩායම හා Knights කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ Knights පිල පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 271ක්.

එහිදී සුපිරි ශතකයක් වාර්තා කළ බ්‍රේවිස් පන්දු 57 කින් ලකුණු 162 ක් රැස් කිරීම කැපී පෙනුණා. ඔහුගේ ඉනිම හයේ පහර 13 කින් හා හතරේ පහර 13 කින් වර්ණවත් වුණා.

19 හැවිරිදි බ්‍රේවිස් සිය ශතකය වාර්තා කළේ පන්දු 35 ක් පමණක් වැය කරමින්. එය ඔහුගේ මංගල 20යි 20 ශතකය වීම ද විශේෂත්වයක්.

ඔහු හා Jiveshan Pillay අතර ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 14.3 කින් ලකුණු 179 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. Jiveshan Pillay ලකුණු 52 කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...