අයර්ලන්තය පරදා සුපිරි 12 ට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් අද(23) අයර්ලන්තය පරදා කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 129 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර, එම ඉලක්කය ශ්‍රී ලංකා පිතිකරුවන් පසු කර ගියේ ඉනිම නිමා වීමට පන්දු 30ක් ඉතිරිව තිබියදීයි.

හෝබාර්ට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 2 කට සීමා කරමින් ඇන්ඩි බල්බර්නි එක් ලකුණකට දැවී ගියා. ලෝකන් ටකර් ලකුණු 10යි. පෝල් ස්ටර්ලින්ග් පන්දු 25 කින් ලකුණු 34 ක් රැස් කළ අතර, හැරී ටෙක්ටර් පන්දු 42 කින් ලකුණු 45 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 25 කට කඩුලු 2 ක් බිද හෙලුවා. බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, චාමික කරුණාරත්න හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Also Read : ශ්‍රී ලංකා තරගයට එක්ව සිටින අයර්ලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ බැවින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් මෙන්ඩිස් සමගින් ධනංජය ද සිල්වා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. එම සබදතාවය බිද වැටුණේ ධනංජය ද සිල්වා ලකුණු 31(25) කට දැවී යාමත් සමගයි.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 70(40)ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

මෙන්ඩිස් පන්දු 43 කින් නොදැවී ලකුණු 68 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුට අනගි සහායක් ලබා දුන් අසලංක පන්දු 22 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31 ක්.

https://twitter.com/cricday96/status/1584090960895836160?t=ExXgLrQQI7tl_EgJ_BlFNg&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...