පැතුම් හා ප්‍රමෝද්ගේ ආබාධ ගැන ක්‍රිකට් ආයතනයෙන් නිල ප්‍රකාශයක්

Date:

මේ වන විට ආබාධවලට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හෙට(23) හෝබාර්ට් හී දී පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්ත කණ්ඩායමයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

එම තරගය සදහා වන අවසන් ක්‍රීඩකයින් 11 දෙනාගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගනු ලබන්නේ පැතුම් නිස්සංකගේ හා ප්‍රමෝද් මදුෂාන්ගේ ආබාධවල තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරු කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන්ගේ ආබාධ පිළිබද සිදු කරන තක්සේරු කිරීම හෙට දිනයේ දී තරගය ආරම්භ වීමට පෙර සිදු කරනු ඇති.

ක්‍රීඩකයින් දෙදෙනාම මේ වන විට සිය ආබාධ තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින අතර, ඔවුන් මේ වන විට සුව අතට හැරෙමින් සිටින බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...