චමරි යළිත් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙවර ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා එක්ව තිබෙනවා.

ඒ අනුව ඇය මෙවර තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් සිය කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇති බවයි මෙල්බර්න් රෙනෙගේඩ්ස් (Melbourne Renegades) කණ්ඩායම නිවේදනය කළේ.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝවුර්ට ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට පසුගියදා සිදු වුණා.

ඒ අනුව ඇය වෙනුවටයි චමරි අතපත්තු මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව ඇත්තේ.

32 හැවිරිදි අතපත්තු මීට පෙර ද රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කර ඇති අතර, ඇය පර්ත් ස්කෝචර්ස් (Perth Scorchers) කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...