ඉන්ග්ලිස් ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් කැදවා තිබෙනවා.

ආබාධයකට ලක් වූ ජොෂ් ඉන්ග්ලිස් වෙනුවටයි මෙම ආදේශ කිරීම සිදු කර ඇත්තේ.

ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක ඉන්ග්ලිස්ගේ දකුණු අතේ ආබාධයක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

ඔහු ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඉන්ග්ලිස් වෙනුවට කැමරන් ග්‍රීන් සංචිතයට ආදේශ කිරීම සදහා අයි.සී.සී 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවේ ද අනුමැතිය හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...