කොදෙව් – පාකිස්තාන 20යි 20 තරගාවලිය 2024 ට කල් යයි

Date:

පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එළඹෙන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය 2024 වසර දක්වා කල් දැමීමට තීරණය කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

2024 වසරේ දී කොදෙව් දූපත් හී දී හා අමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා හොදින් සූදානම් වීමට මෙම තරගාවලිය යොදා ගැනීමේ අරමුණිනුයි මෙලෙස 20යි 20 තරගාවලිය 2024 වසරට කල් දමා ඇත්තේ.

ජනවාරි මාසයට යෙදී තිබූ අදාළ 20යි 20 තරගාවලිය 2023-2027 අයි.සී.සී තරග කාලසටහනට (FTP) ද ඇතුළත්ව තිබුණේ නැහැ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය යටතේ එක්දින තරගාවලියක් පසුගිය ජූනි මාසයේ දී පාකිස්තානයේ මුල්තාන් හී දී පැවැත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...