ඉන්දු – බංග්ලාදේශ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

ඉන්දීය කණ්ඩාමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයට එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් අතර, ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.

තරග සංචාරය ආරම්භ කරමින් දෙසැම්බර් පළමු වැනිදා ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට ළගා වීමට නියමිතයි.

එක්දින තරගාවලිය දෙසැම්බර් 4, 7 හා 10 යන දිනවලදී මීර්පූර් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 14 වැනිදා චිතග්‍රැම් (චිතගොං) (Chattogram) හී දී ආරම්භ වීමට නියමිත බවත්, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 22 වැනිදා මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇති බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ 2015 වසරෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...