එංගලන්ත 20යි 20 සංචිතය නම් කෙරේ

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(18) ප්‍රකාශයට පත් කෙරුණා.

ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

ආබාධවලට ලක්ව සිටි ඩේවිඩ් මලාන් සහ ක්‍රිස් ජෝර්ඩන් ද මෙම සංචිතයට නම් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රිස් ජෝර්ඩන් පසුගිය ජූලි මාසයේ දී ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.

ටෙස්ට් සංචිතයට අයත් කිසිදු ක්‍රීඩකයෙකු 20යි 20 සංචිතයට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන 28 වනදා මැන්චෙස්ටර් හී දී පැවැත්වීමට නියමිතයි.

England T20 squad :
Eoin Morgan (capt), Moeen Ali, Jonny Bairstow (wk), Tom Banton, Sam Billings (wk), Tom Curran, Joe Denly, Lewis Gregory, Chris Jordan, Saqib Mahmood, Dawid Malan, Adil Rashid, Jason Roy, David Willey.

Reserves:

Pat Brown, Liam Livingstone, Reece Topley.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...