කැම්පර් – ඩොක්‍රෙල් 119* ක සුපිරි සම්බන්ධය අයර්ලන්තයට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

කර්ටිස් කැම්පර් පන්දු 32 කින් නොදැවී ලබා ගත් ලකුණු 72 හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද (19) සමත් වුණා.

හෝබාර්ට්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය පන්දුවාර 19 ක් අවසානයේ දී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. (180/4)

අයර්ලන්ත ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 61 දී බිද වැටුණු පසුබිමකයි කැම්පර් හා ජෝර්ජ් ඩොක්‍රෙල් 5 වැනි කඩුල්ලට පන්දු 57 කින් 119 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් අයර්ලන්තයට සුපිරි ජයක් ගෙන ඒමට සමත් වුණේ.

කැම්පර්ගේ ලකුණු 72 ට හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්. ඩොක්‍රෙල් පන්දු 27 කින් නොදැවී ලකුණු 39 ක් රැස් කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 176 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

මයිකල් ජෝන්ස් පන්දු 55 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 86 ක්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ද සමගින්.

පන්දු යැවීමේ කර්ටිස් කැම්පර් ලකුණු 9කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...