ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි වෙනසක්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අද(18) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව එහි පිතිකරණ අංශයේ පස් වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානයේ බබාර් අසාම් සමත් වී තිබෙනවා.

ඔහු මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේ දී ද ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ පස් වන ස්ථානය හිමි කර ගෙන තිබුණා.

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවනවා.

එංගලන්ත ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන් ද 14 වන ස්ථානය දක්වා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස් ශ්‍රේණිගත කිරීම්හි 8 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...