කොරෝනාවෙන් පසු පළමු T20 ලීගය අදින් ඇරඹේ

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වනවා.

තරගාවලිය සදහා කණ්ඩායම් 6ක් එක් වන අතර, තරගාවලියට අයත් තරග සංඛ්‍යාව 33ක්.

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු ප්‍රධාන දේශීය 20යි 20 ලීග් තරගාවලිය මෙය වනු ඇති.

මෙවර තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

පළමු තරගය ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ගයානා ඇමසන් වොරියස්  කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝහී ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වෙනවා.

කොරෝනා වංසගතය හේතුවෙන් කණ්ඩායම් රැසකට ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් නොමැතිව මෙවර තරගාවලියට එක් වීමට සිදුව තිබෙනවා.

මෙවර තරගාවලිය සදහා 20යි 20 පිටියේ වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කර ඇති පිතිකරුවා වන ක්‍රිස් ගේල් සහභාගී වන්නේ නැහැ.

ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

සී.පී.එල් තරගාවලියේ අවසන් තරගය ලබන 10 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...