කෝටි 222 මුදලකට IPL අනුග්‍රාහකත්වය ලබා ගත් සමාගම මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරග වාරය සදහා වන ප්‍රධාන අනුග්‍රාහකත්වය (title sponsorship) Dream 11 සමාගම වෙත හිමිව තිබෙනවා.

ඔවුන් ඒ සදහා ඉදිරිපත් කළ ලංසු මුදල වූයේ ඉන්දීය රුපියල් කෝටි 222 ක්.

ඒ අනුව එම ලංසු මුදල හමුවේ Unacademy සමාගම විසින් ඉදිරිපත් කළ ඉන්දීය රුපියල් කෝටි 171ක ලංසුව සහ Byju’s සමාගම විසින් ඉදිරිපත් කළ රුපියල් කෝටි 201 ක ලංසුව පරාජයට පත් වුණා.

අද(18) දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා Dream 11 සමාගමට අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය හිමිව ඇති බව සදහන්.

මේ දක්වා අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ චීනයට අයත් VIVO සමාගමයි.

කෙසේ වෙතත්, ඉන්දු – චීන දේශසීමා ආශ්‍රිතව පසුගිය කාලයේ ඇති වූ ගැටුම් පදනම් කර ගනිමින් VIVO සමාගමට එරෙහිව ඉන්දියාවේ බොහෝ පාර්ශවවලින් දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ හේතුවෙන් VIVO සමාගම මෙවර තරගාවලියේ ප්‍රධාන අනුගාහකත්වයෙන් ඉවත් වීමට තීරණය කළේ එම සමාගමේ බළධාරීන් සහ ඉන්දීය ක්‍රිකට් ආයතනය අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි.

2017 වසරේ දී VIVO සමාගම අයි.පී.එල් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගත් අතර, එය 2018 – 2022 යන වසරවලට අදාළ තරගාවලි සදහා බලාත්මකව පැවතුණා.

ඉන්දීය රුපියල් කෝටි 2199 ක ලංසුවකටයි VIVO සමාගම මෙම අනුග්‍රාහකත්වය ලබා ගෙන තිබුණේ.

ඒ අනුව VIVO සමාගමෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එක් තරග වාරයක් වෙනුවෙන් ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 440ක මුදලක් ලැබෙමින් පැවතුණා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...