අයහපත් අලෝකයට ICCයෙන් විසදුම් අවශ්‍යයයි – ජෝ රූට්

Date:

අයහපත් ආලෝක තත්ත්වය යටතේ තරග පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය අවධානය යොමු කළ යුතු බව එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් පවසනවා.

අයහපත් කාළගුණයෙන් දැඩි බාධා එල්ල වූ එංගලන්ත – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

මෙම තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 134.3ක් පමණයි.

වර්ෂාව, අයහපත් ආලෝක තත්ත්වය සහ ක්‍රීඩාංගනයේ තෙත සහිත තත්ත්වය හේතුවෙන් තරගයේ තෙවැනි දිනය සම්පූර්ණයෙන් අතහැර දැමූ අතර, සිව්වන දිනයේ දී ක්‍රියාත්මක කෙරුණේ පන්දුවාර 10.2ක් පමණයි.

“මම හිතන්නේ නැහැ මම කවදාවත් දැකලා තියෙනවා කියලා අයහපත් අලෝක තත්ත්වය මේ තරම්ම තරගයකට බලපෑම් එල්ල කරපු අවස්ථාවක්”

යනුවෙන් රූට් සදහන් කළා.

“ඒක ඉතාමත් කණගාටුදායක දෙයක්. විනිසුරුවන්ට චෝදනා කරන්න අමාරුයි මෙතනදී. අවංකවම මම දන්නේ නැහැ මොනවද පිළිතුරු කියලා මේකට. මට ඒ ගැන ගොඩක් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ.”

ඒ අනුව විදුලි ආලෝකය යොදා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් හෝ තරග සදහා යොදා ගන්නා පන්දුවේ වර්ණය පිළිබද මීට වඩා අවධානය යොමු කිරීම වැදගත් බවයි ජෝ රූට් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...