ලැබූ පරාජ හමුවේ බංග්ලාදේශය ලෝක කුසලාන සංචිතයත් වෙනස් කරයි

Date:

හෙට(16) ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලදේශ සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සෞම්‍ය සාකාර් හා ශොරිෆුල් ඉස්ලාම් සංචිතයට නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔවුන්ගේ නම් කිරීමත් සමග සංචිතයේ ස්ථාන අහිමි වී ඇත්තේ මොහමඩ් සයිෆුදීන් හා සබීර් රහ්මාන් යන ක්‍රීඩකයින්ටයි.

නවසීලන්තයේ දී නිමා වූ 20යි 20 තුන්කොන් තරගාවලියේ දී බංග්ලාදේශය ක්‍රීඩා කළ තරග හතරම ඔවුන් පරාජයට පත් වීමත් සමගයි මෙම තීරණය ගැනීමට කටයුතු කර ඇත්තේ.

සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් 8 විසින් ලෝක කුසලාන තරගාවලියට නම් කළ සංචිත වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතියකින් තොරව වෙනස්කම් සිදු කිරීමේ අවස්ථාව ඊයේ(14) දිනය දක්වා ලබා දී තිබූ අතර, මින් ඉදිරියට සිදු කරන වෙනස්කම් සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට සිදු වනවා.

Bangladesh T20 World Cup squad:

Shakib Al Hasan (capt), Najmul Hossain Shanto, Soumya Sarkar, Litton Das, Afif Hossain, Yasir Ali, Mosaddek Hossain, Nurul Hasan, Mehidy Hasan Miraz, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Nasum Ahmed, Ebadot Hossain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...