Watch : ඉනිමේ පළමු පන්දු දෙකෙන්ම ඔස්‍ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනෙකු දැවී ගිය හැටි

Date:

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද(14) දහවල් කැන්බරා හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, තරගයට වර්ෂාවෙන් අවස්ථා කිහිපයකදීම බාධා එල්ල වූ බැවින් එංගලන්ත ඉනිම පන්දුවාර 12කට පමණක් සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

නියමිත පන්දුවාර 12 එංගලන්ත පිතිකරුවන් අවසන් කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 112 ක් රැස් කරමින්.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 65 ක් ද, ඩේවිඩ් මලාන් ලකුණු 23 ක් ද ලබා ගත්තා. බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 17යි.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඕස්ට්‍රේලියාව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 12 කදී තරගය ජය ගැනීමට හිමි වූ ඉලක්කය ලකුණු 130 ක්.

විශේෂත්වය වූයේ එම හඹා යාමේ පළමු පන්දු දෙකේ දී ම ඔස්ට්‍රේලියානු පිතිකරුවෙන් දෙදෙනෙකුම යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ක්‍රිස් වෝක්ස් සමත් වීමයි.

ආරෝන් ෆින්ච් හා මිචෙල් මාෂ් යන පිතිකරුවන් එලෙස ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවලින්ම දැවී ගියා.

දර්ශන පහතින් –

https://twitter.com/cric12222/status/1580878099822317568

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...