ලෝක කුසලානයට ඉන්දියාව සිය අවසන් 15 දෙනා නිවේදනය කරයි

Date:

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි නම් කර තිබෙනවා.

ආබාධයකට ලක් වීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

මොහමඩ් ෂාමි මේ වන විට ඔස්ට්‍රේලියාවට ළගා වී ඇති අතර, ඔහු නිල පුහුණු තරග ආරම්භ වීමට පෙර බ්‍රිස්බේන් නුවර දී ඉන්දීය සංචිතය සමග එක්වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

මොහමඩ් සිරාජ් හා ශර්දුල් තාකූර් ද අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති බවත්, ඔවුන් ද ඉදිරියේ දී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන බවත් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතියකින් තොරව අද දිනය දක්වා සිය සංචිතය සදහා වෙනස්කම් සිදු කිරීමේ අවස්ථාව ඉන්දියාවට ලැබී තිබූ බැවින් මොහොමඩ් ෂාමිගේ ආදේශ කිරීම සදහා ඔවුන්ට අයි.සී.සීයේ අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ.

ආබාධයක් හේතුවෙන් බුම්රාට නිමා වූ ආසියානු කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

මීට පෙර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ද මෙවර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා.

India squad for ICC T20 World Cup:

Rohit Sharma (C), KL Rahul (vc), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (wk), Dinesh Karthik (wk), Hardik Pandya, R. Ashwin, Yuzvendra Chahal, Axar Patel, Bhuvneshwar Kumar, Harshal Patel, Arshdeep Singh, Mohammed Shami.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...