Watch : වැරැදි අනුමාන කිරීම නිසා ස්ටොක්ස්ට වුණ දේ

Date:

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද(14) දහවල් කැන්බරා හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා.

තරගයට වර්ෂාවෙන් අවස්ථා කිහිපයකදීම බාධා එල්ල වූ බැවින් එංගලන්ත ඉනිම පන්දුවාර 12කට පමණක් සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ඒ අනුව නියමිත පන්දුවාර 12 එංගලන්ත පිතිකරුවන් අවසන් කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 112 ක් රැස් කරමින්.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 65 ක් ද, ඩේවිඩ් මලාන් ලකුණු 23 ක් ද ලබා ගත්තා. බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 17යි.

මේ අතර, ස්ටොක්ස් මෙම ඉනිමේ අවසන් පන්දුවේ දී වේගවත් පහරක් එල්ල කළ අතර, ඔහු එය හතරේ පහරක් වනු ඇති බවට අනුමාන කරමින් යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සූදානම් වුණා.

කෙසේ වෙතත්, එය හතරේ පහරක් නොවුණු අතර, ක්‍රීඩාගාරය වෙත හැරී යමින් සිටි ස්ටොක්ස් යළි ලකුණක් කරා දිව යාමට පැමිණි ආකාරය බොහෝ දෙනෙකුගේ සිනහවට හේතු වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...