ඉන්දියාව එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් ඓතිහාසික තීරණයක් ගැනීමේ සූදානමක

Date:

2023 වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් සිය කණ්ඩායම පාකිස්තානයට පිටත් කර හැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ඉන්දීය රජයේ අනුමැතියට යටත්වයි ඒ සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අවස්ථාව හිමි වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහා සභා රැස්වීම එළඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් වූ ලිපියක් මේ වන විට ප්‍රාන්ත ක්‍රිකට් සංගම් වෙත එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් යොමු කර ඇති අතර, ලබන වසරේ දී ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් පිළිබද එම ලිපියේ සදහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත අයි.සී.සී කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම වයස අවුරුදු 19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය හා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් එම ලිපියේ කරුණු ඇතුළත් කර ඇති බව සදහන්.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට පාකිස්තානයේ තරග සංචාරයක නිරතව ඇත්තේ 2008 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...