ඉන්දීය කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(13) සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී තායිලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 74 කින් පරාජයට පත් කරමින්.

බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත්තා.

ශෆාලි වෙර්මා ලකුණු 42 ක් ද, හර්මන්ප්‍රීට් කොවුර් ලකුණු 36 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී Sornnarin Tippoch ලකුණු 24 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්තයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 74 ක් පමණයි.

Naruemol Chaiwai හා Nattaya Boochatham ලකුණු 21 බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දීප්ති ෂර්මා ලකුණු 7 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මෙරට වේලාවෙන් අද පස්වරු 1 ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...