අයි.සී.සීයෙන් මුදල් ලබා ගත නොහැකිව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් අර්බුදයක

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට මූල්‍ය අර්බුදයකට ලක් වෙමින් සිටින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

2021 වසරේ ජූලි මාසයෙන් පසුව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් ලබා දෙන මූල්‍ය අරමුදල් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය වෙත නොලැබීම මීට හේතු වී තිබෙනවා.

2021 අගෝස්තු මාසයේ දී තලේබාන් සංවිධානය එරට දේශපාලනික බලය අත්පත් කර ගැනීමත් සමග පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් එරටට මුදල් යැවීම දැඩි අභියෝගයකට ලක්ව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට ලබා දිය යුතු වැටුප් මේ වන විට ගෙවා සම්පූර්ණ කර තිබෙනවා.

නමුත්, සේවකයින්ට සහ සෙසු කාර්ය මණ්ඩලවලට ඔවුන්ට ගෙවීමට හැකි වන්නේ 30% ක වැටුපක් පමණක් බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම මූල්‍ය ගැටලුව නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් බළධාරීන් හා ජගත් ක්‍රිකට් කවුන්සලය අතර සාකච්ඡා සිදු වෙමින් පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...