ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගයට ලද නොසිතූ ප්‍රතිපලය

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ දෙවැනි පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට අද (13) සිදු වුණා.

මෙම තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජන්ෂන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ අයර්ලන්තයට එරෙහිවයි.

ශ්‍රී ලංකාව සිය පළමු පුහුණු තරගයට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුගියදා ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 33ක ජයක් වාර්තා කළා.

අද දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නැමීබියාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔක්තෝබර් 16 වැනිදා නැමීබියාවට එරෙහිවත්, ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...