ඉන්දීය ක්‍රිකට් මුල් පුටුව ගංගුලිගෙන් බිනීට

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රොජර් බිනී පත් වීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, මේ වන විට සභාපතිධූරය දරන හිටපු ඉන්දීය නායකයෙකු වන සෞරව් ගංගුලි වෙනුවටයි.

ඔක්තෝබර් 18 වැනිදා මුම්බායි හී දී පැවැත්වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී 67 හැවිරිදි බිනී සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයා වන ජේ ෂා තවදුරටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති.

සම ලේකම්වරයා ලෙස Devajit Saikia ද, නව භාණ්ඩාගාරික ලෙස Ashish Shelar ද පත් වීමට නියමිතව තිබෙනවා.

රජිව් ෂුක්ලා උප සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීමට නියමිතව ඇති බව සදහන්.

මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධානියා (අයි.පී.එල් සභාපතිවරයා) ලෙස අරුන් ධුමාල් පත් වීමට ද නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අයි.පී.එල් සභාපතිවරයා ලෙස 2019 වසරේ සිට කටයුතු කරන්නේ බ්‍රිජේෂ් පටෙල්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...