ශහීන් ශාහ් ගැන පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

Date:

දණහිසක ආබාධයකට ලක්ව සිටි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි එංගලන්තයේ ලන්ඩන් නුවර දී සිය ආබාධය සුව කර ගැනීමේ පුනරුත්තාපන කටයුතු මේ වන විට නිමා කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන 15 වැනිදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හී දී පාකිස්තාන සංචිතය සමග එක්වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශහීන් ශාහ් අෆ්රිඩිට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයට පෙර පාකිස්තානය ක්‍රීඩා කරන පුහුණු තරග සදහා ද ක්‍රීඩා කළ හැකි බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පාකිස්තානය එළඹෙන 17 වැනිදා එංගලන්තයට එරෙහිව ද, එළඹෙන 19 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව ද පුහුණු තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම පුහුණු තරගවලදී ඔහුගේ තරග සදහා ඇති ශාරීරික යෝග්‍යතාවය පිළිබද වැඩිදුරටත් කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් තක්සේරු කරනු ඇති.

20යි 20 ලෝක කුසලානය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 23 වැනිදා ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...