කුල්දීප්ගේ කඩුලු 4 හා ගිල්ගේ ලකුණු 49 හමුවේ ඉන්දියාව තරගාවලිය ජය ගනියි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් ඉන්දියාව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

නව දිල්ලි හී දී පැවැති මෙම තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 100 ක ඉලක්කයක් පමණක් හිමි වූ අතර, එම ඉලක්කය ඔවුන් පසු කර ගියේ පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

ෂුබ්මන් ගිල් ලකුණු 49 ක් රැස් කළ අතර, ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 28 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී හා Bjorn Fortuin කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 27.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණයි.

හෙන්රික් ක්ලාසෙන් ලකුණු 34 ක් ද, ජනෙමන් මලාන් ලකුණු 15 ක් ද, මාර්කෝ ජන්සෙන් ලකුණු 14 ක් ද ලබා ගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කලේ නැහැ.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් පන්දුවාර 4.1 ක් තුළ ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...