ඇලන්, කොන්වේ ප්‍රහාරය නවසීලන්තයට පහසු ජයක් ගෙනෙයි

Date:

ෆින් ඇලන් හා ඩෙවෝන් කොන්වේගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් නවසීලන්තයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්තය අද(11) සමත් වුණා.

ක්‍රයිස්චර්ච් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 16.1 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

ඇලන් පන්දු 42 කින් ලකුණු 62 ක් ලබා ගත්තා. හයේ පහර 6 ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඩෙවෝන් කොන්වේ පන්දු 46 කින් ලකුණු 49 ක් නොදැවී රැස් කළේ හතරේ පහර 5 ක් ද සමගින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 130 ක් නියමිත පන්දුවාර 20 තුළ ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 27 ක්, අසිෆ් අලී නොදැවී ලකුණු 25ක් හා බාබර් අසාම් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති, මිචෙල් සැන්ට්නර් හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...